කතරගම වන්දනාවේ ගොස් ආපසු කහටගස්දිගිලිය ප්‍රදේශයට යමින් සිටි බස් රථයක් සිප්පුකුලම ප්‍රදේශයේදී මාර්ගයෙන් පිටතට පැන පෙරළී යාමෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරු ද සිටින බව මිහින්තලය පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ත් 48ත් අතර පසුවන අය වෙති. ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා තම්මැන්නාව මූලික රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













