දිවයිනට බලපා ඇති “එල්නිනෝ” තත්ත්වය හමුවේ එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඇතැම් විට දිවයිනේ ගංවතුර තත්ත්වයක් වුවත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලසීමාව තුළ දී සාමාන්‍ය වර්ෂාපතනය ඉක්මවා තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා “දිවයින” ට පැවැසීය. ඉදිරි මාස 6 සම්බන්ධයෙන් සිදු කළ දත්ත විශ්ලේෂණයේ දී මේ බව අනාවරණය වී ඇතැයි ද හෙතෙම කීය.
එසේම, ලබන දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන කාලවකවානුවේ දී එල්නිනෝ තත්ත්වය දැඩි ලෙස බලපෑ හැකි බව ද හෙතෙම කියා සිටියේය.
මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වලටත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් ඉදිරි දින කීපය තුළ වැසි බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා “දිවයින”ට පැවසීය. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ වැසි අපේක්ෂා කරන බව ද ඒ මහතා කීය. මීට අමතරව අනෙක් පළාත් තුළ උණුසුම් කාලගුණික තත්ත්වයක් ඉදිරි දින කීපය තුළදීත් පවතින බව ද හෙතෙම කියා සිටියේය.
















