මෙරට තුළ ස්ථාපිත වී ඇති එල් නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස 10ක පමණ කාලය තුළ මෙරට සාමාන්‍ය වැසි රටාව සහ උෂ්ණත්වය තදින් වෙනස් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කරයි.
දුර්වල මට්ටමක පැවති එල් නිනෝ තත්ත්වය මේ වන විට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වී ඇති අතර, එය ඔක්තෝබර් – දෙසැම්බර් කාලය තුළ තවත් ප්‍රබල විය හැකි බව අපේක්ෂා කෙරේ.
මෙම කාලගුණ විපර්යාසය නිසා ඉදිරි මාසවලදී ඇතැම් ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්ත්ව ඇති විය හැකි අතර, 2027 මුල් කාර්තුවේදී (ජනවාරි – අප්‍රේල්) දිවයින පුරා දැඩි නියඟයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.














