27 April 2024
#දේශීය

විදුලිබල සැපයුම සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තියේ බලතලවලට අනුව අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ් අනුව රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හෝ සමූපකාර සමිති විසින් සැපයෙන විදුලිබල සම්පාදනය හා රෝහල් සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බව එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

රෝහල් , සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන ආදියෙහි රෝගීන්ට සැපයෙන සියලු ප්‍රතිකාර සහ සේවා රෝහල් සේවාවට අයත් බව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *