හක්කා පටස් ආහාරයට ගැනීමෙන් රෝගාතුරව සිටි බව සඳහන් වන වන කෙනරක් වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේදී පෙරේදා (4) අලුයම මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
රෝගාතුරව සිටි කෙනරට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරී කලිඳු ආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන් ප්‍රතිකාර ලබා දී තිබුණද එය ජීවිතය බේරා ගැනීමට ප්‍රමාණවත් වී නොමැති බව සඳහන් වේ. හක්කා පටස් ආහාරයට ගැනීමෙන් පසු ආහාර ගැනීමට නොහැකිව කෙනර ගම්මානයේ සැරිසරමින් සිටි බවද නිලධාරීන් පවසති.
වැලිකන්ද වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් කෙනරගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වී නොමැති බව වාර්තා වේ. හක්කා පටස් හේතුවෙන් වන අලින්ට සිදුවන තුවාල සහ මරණ පිළිබඳව දිගින් දිගටම වාර්තා වන අතර, වනජීවී ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ අවධානය යොමු වී තිබේ.














