ඇල්ල පොලිස් වසමේ කුඹල්වෙල ප්‍රදේශයේ මහමෙව්නාව භාවනා අසපුව ආසන්නයේ පිහිටි ආරක්ෂිත රක්ෂිතයක ඊයේ (04) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන ඒකක, පොලිසිය, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළ අතර, එමඟින් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි විය.
මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව බලධාරීන් තහවුරු කරයි. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇල්ල පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















