ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ මෝටර් රථය එම කාන්තාව විසින් පදවා ඇති බවත්, ඔවුන් දෙදෙනාම තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















