ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය තුනේ කණුව ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී කඳ කොටසක් නොමැති මිනිස් හිසක් හමුවී ඇති බව පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ විය හැකි යැයි අනුමාන කෙරෙන මෙම මිනිස් හිසෙහි අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෙය කිසියම් බරපතල අපරාධයක ප්‍රතිඵලයක් විය හැකි බවට දැඩි සැකයක් මතුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.














