ඉලොන් මස්ක්ගේ නවතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සංකීර්ණය වන ‘Terafab’ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සැපයීමට අදාළව ඔහුගේ නියෝජිතයන් පිරිසක් ලොව ප්‍රමුඛතම චිප් කර්මාන්ත සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. SpaceX සහ Tesla සමාගම් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා Applied Materials, Tokyo Electron සහ Lam Research යන ප්‍රබල සමාගම් වෙත මෙලෙස ඇරයුම් ලැබීඉලොන් මස්ක්ගේ නවතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සංකීර්ණය වන ‘Terafab’ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සැපයීමට අදාළව ඔහුගේ නියෝජිතයන් පිරිසක් ලොව ප්‍රමුඛතම චිප් කර්මාන්ත සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. SpaceX සහ Tesla සමාගම් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා Applied Materials, Tokyo Electron සහ Lam Research යන ප්‍රබල සමාගම් වෙත මෙලෙස ඇරයුම් ලැබී#GlobalBusiness ඇති බව පැවසේ.
මෙම ‘Terafab’ ව්‍යාපෘතිය මඟින් ඉලොන් මස්ක්ගේ ව්‍යාපාරික ජාලය තුළ භාවිත වන ස්වයංක්‍රීය වාහන සහ අභ්‍යවකාශ තාක්ෂණය සඳහා අවශ්‍ය වන උසස් පෙළේ AI චිප්ස් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. චිප්ස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අධි තාක්ෂණික යන්ත්‍රෝපකරණ සැපයීමේදී ලොව ඉදිරියෙන්ම සිටින සමාගම් සමඟ මෙලෙස සබඳතා ගොඩනඟා ගැනීම, මස්ක්ගේ ඉදිරි තාක්ෂණික ඉලක්ක සපුරා ගැනීමේදී තීරණාත්මක වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














