ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එහි සේවය කළ සේවිකාවන් 22 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ගින්නෙන් හටගත් අධික දුමාරය ආඝ්‍රාණය වීම සහ ඇති වූ ක්ලාන්ත තත්ත්වය හේතුවෙන් මොවුන් ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ගින්න හේතුවෙන් කම්හල් ගොඩනැගිල්ලට විශාල හානි සිදුව ඇති අතර, ගිනි නිවන ඒකක මැදිහත් වී මේ වන විට ගින්න පාලනය කර ඇත.
















