• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රමය එළිදක්වයි

22 June 2018
in ව්‍යාපාර

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේ නම් එය වැළැක්වීමටත් අදාළ සියලු ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව් පැවති එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහනේ ණය යෝජනා ක‍්‍රම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝකයේ දියුණු වූ සෑම රාජ්‍යයක්ම ස්වශක්තියෙන් නැගී සිටියේ දේශීය කර්මාන්ත නගාසිටුවීමෙන් බවයි.

පිටරටින් නවීන දැනුම, තාක්ෂණය සහ උපදේශනය අවශ්‍ය නමුත් දේශීය ව්‍යවසායකයා සතු ශක්තිය සහ අත්දැකීම් පිළිබඳව විශ්වාස තැබිය යුතු බව පැවසු ජනාධිපතිවරයා ව්‍යවසායකයින්ට රජය මගින් ලබාදිය හැකි ඉහළම අතදීම වන්නේ ඔවුන්ට අවශ්‍ය මුල්‍ය සහ මුල්‍ය නොවන පහසුකම් සලසා දීම බව ද කියා සිටියේය.

එමෙන්ම රාජ්‍ය බැංකු ලාභ ලබන මෙන්ම සේවා සැපයීමේ අරමුණ ඇතිව කි‍්‍රයාත්මක වීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු ලබන අසිමිත ලාභයෙන් සියයට පනහක් වාණිජ ගනුදෙනු මෙන්ම සියයට පනහක් සේවා සපයන බැංකු බවට පත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ව්‍යවසායකයින් වෙනුවෙන් කෙරෙන මෙම ආයෝජන පිළිබඳ නිරන්තර පසුවිපරමකට ලක් කරමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

ශ‍්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප‍්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගීම සඳහා 2018 අයවැය තුළින් රජය එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන හඳුන්වාදෙනු ලැබීය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක‍්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගිත්ව ආයතන සමග ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබාදී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන, යෝජනා ක‍්‍රම 16කින් සමන්විත වන අතර, පොලී සහනාධාර ණය යෝජනා ක‍්‍රම 11 ක්, විදේශ ණ්‍ය ආධාර මත කි‍්‍රයාත්මක වන ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රම 3 ක් හා මූල්‍ය හා මුල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2ක් ඒ තුළ අන්තර්ගත වේ.

මෙකී සහන ණය යෝජනා ක‍්‍රම සඳහා 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන්කර ඇති අතර එම මුදල උපයෝගි කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප‍්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා 50,000 ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂා කරයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

අපි කිසිදෙයක් විනාශ කරන්නේ නෑ

Next Post

බැඳුම්කරය නිසා UGC ට රු. මි. 141 ක පාඩුවක්

editor

editor

Next Post

බැඳුම්කරය නිසා UGC ට රු. මි. 141 ක පාඩුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved