• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තුළින් කාන්තාවන්ට විශේෂ තැනක්

2 September 2018
in සංවර්ධන

න්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය තුළ කාන්තා ව්‍යවසායකත්වය බිහි කිරීමට විශේෂයෙන් ම ක‍්‍රියා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ සඳහා බැංකු සමඟ එක්ව සහන පොළි ණය ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොනරාගල දී ඊයේ අවසන් වුණ එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනයට එක්වෙමින්. සති මැද දින තුනක් තුළ පැවති ප‍්‍රදර්ශනයට ලක්‍ෂ පහකට අධික විශාල ජන සහභාගීත්වයක් ලැබීම සාර්ථකත්වය විදහාපාන කදිම සාක්‍ෂියක්. පන්දහසකට අධික සංඛ්‍යාවක් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ව්‍යවසායක ලියාපදිංචිය ලබාගෙන තිබුණා.

සාමාන්‍යයෙන් මෙවැනි ජාතික ප‍්‍රදර්ශන වලට වැඩි වශයෙන් සහභාගි වන්නේ රාජ්‍ය ආයතන පමණයි. එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනයට පෞද්ගලික ආයතන වල දායකත්වය ඉතා ඉහළින් ලැබී තිබුණා. රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව විවිධ ව්‍යවසායික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබෙනු දක්නට ලැබුණා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ කාන්තා කාර්යාංශය ඬේවිඞ් පීරීස් සමූහ ව්‍යාපාරය සමඟ තුන් මසක කාර්මික හා තාක්‍ෂණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කළා. මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් තෝරාගත් කාන්තාවන් හැත්තෑ දෙනෙකු මීට අයත්. මෙම තාක්‍ෂණික හා කාර්මික පුහුණුව යටතේ ත‍්‍රීරෝද රථ අළුත්වැඩියාව, නඩත්තුව හා අමතර කොටස් අලෙවිය පිළිබඳ තුන් මසක සම්පූර්ණ ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා. කාන්තාවන් ව්‍යවසායකයින් බවට පත් කොට සමස්ථ සමාජයම සවිබල ගැන්වීමේ මෙම වැඩසටහනට අමාත්‍ය මංගල සමරවීර මහතා ද එක්වුණා.

එහි දී පුහුණුලාභිණියන් ඇමතූ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. සාම්ප‍්‍රදායික රැකියා වලින් ඔබ්බට ගොස් මෙවන් කාර්මික පුහුණුවකට යොමු වීම ඉතා ඉහළින් අගය කරන බවයි. තුන් මසක පුහුණුව සාර්ථකව අවසන් කරන කාන්තාවන්ට ඉතා සහන පොළි ක‍්‍රමයක් යටතේ කඩිනමින් ණය ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්නැයි කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා චම්පා උපසේන මහත්මියට සහ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාට මෙහි දී අමාත්‍ය මංගල සමරවීර මහතා උපදෙස් ලබා දුන්නා.

 

Post Views: 25
Previous Post

සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය ‘බෙයා ෆුට්’ කණ්ඩායම දිනාගනී

Next Post

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සෙවීමේ මෙහෙයුම ඇරඹේ

editor

editor

Next Post

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සෙවීමේ මෙහෙයුම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved