• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සබරගමුවේ 12කට එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලංකා බැංකු තුරුණු දිරියෙන් ණය

22 August 2018
in ව්‍යාපාර
යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා ව්‍යාපෘතිය යටතේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක කරයි. 
මේ වන විට තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වන විටත් සබරගමුව පළාතේ ව්‍යවසායකයින් 12 දෙනෙකුට පමණ ණය පහසුකම් ලබා දීමට සමත් වී ඇත.
 
සබරගමුව පළාත තුළ මෙම ණය යෝජනා ක‍්‍රමය සදහා සුදුසුකම් සපිරූ 496 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති අතර තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ව්‍යවසායකයින් 105 දෙනෙකු සදහා ව්‍යාපාරික සැලසුම් සකස්කර අනුමැතිය සදහා ලංකා බැංකු වෙත බාර දී ඇත. ණය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය 17 වන දා රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වූ ප‍්‍රගති සමාලෝචන කමිටුවේ දී මෙම තොරතුරු අනාවරණය විය. 
 
මෙම ප‍්‍රගති සමාලෝචන කමිටුව සදහා රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් ඇතු`ඵව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ලංකා බැංකුව සහ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යන ආයතනයන්හි නිලධාරීන් සහ සබරගමුව පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජිතවරු සහභාගී වූහ.
 
තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් වසර 3ක කාලයක සිට ක්‍ෂේත‍්‍රයේ නියුතු උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත අවුරුදු 40ට අඩු කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා ඇප නොමැතිව/ලිහිල් ඇප ක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය සිදු කරයි. මේ පිළිබදව තොරතුරු සියළුම ලංකා බැංකු ශාඛා මගින් හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ පවසයි.
 
Post Views: 7
Previous Post

OSL Magazine ප්‍රථම පිටපත ජනපතිට පිළිගන්වයි 

Next Post

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුමක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved