27 July 2024
#ව්‍යාපාර

OSL Magazine ප්‍රථම පිටපත ජනපතිට පිළිගන්වයි 

TTV Media Hub ( Pvt) Ltd ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන OSL සඟරාවේ ( OSL Magazine) ප්‍රථම පිටපත එම ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක බන්දුල විතානාරච්චි මහතා විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විය.
 
මෙම මාසික සඟරාව මඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට හැකි වන අතර මේ වන විටත් කැනඩාව, රැසියාව, ඉන්දියාව සහ චීනය වැනි රටවලින්  OSL සඟරාව සඳහා විශාල  ඉල්ලුමක් ඇති බව විතානාරච්චි මහතා පැවසිය. 
 
විදේශ රටවල්වල ප්‍රධාන පෙලේ වාණීජ මණ්ඩල සමඟ ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට අත්වැල් බැඳ ගැනීමේ අවස්ථාවක් මෙහිදී උදා වනු ඇති බව කලමණාකාර අධ්‍යක්ෂක බන්දුල විතානාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය. 
 
චීනයේ බිජිං නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන ව්‍යාපාර සම්මන්ත්‍රණය (SEIC) 2018  සඳහා ද මෙහිදී විශේෂ කලාපයක් නිකුත් කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ට නව වෙළෙඳ මාවත් විවෘත කර දීමට මෙහිදී අවස්ථාව ලැබෙන බවත් විතානාරච්චි මහතා කියා සිටියේය. චීනයේ අයෝජකයින් හමුවන මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට සුවිශේෂි අවස්ථාවක් වනු ඇති බව ඒ මහතා අවධාරණය කළේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *