27 April 2024
#දේශීය

සාගර සහ කැටගොඩ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත මාතලේ පාසලකට උපකරණ ලබා දෙයි

මාතලේ විජය ජාතික පාසලේ ගුණසේන ශාලාව රුපියල් ලක්ෂ 16ක මුදලක් වැයකොට ප්‍රතිසංස්කරණය සිදු කර සිසු අයිතියට පත් කිරිම පසුගියදා සිදු කෙරුණි.

විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර මහතාගේ ඉල්ලිම මත පාර්ලිමෙන්තු මන්ත්‍රි,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත ශාලාවට අවශ්‍ය තිර රෙදි සහ ශබ්ද විකාශන කට්ටල ලබා දිම සිදු කර තිබු අතර අනෙකුත් අවශ්‍ය ප්‍රතිපාදන විද්‍යාලයිය ආදි ශීෂ්‍ය සංගමය විසින් වැය කර තිබුණි.

සිසු අයිතියට පත් කිරිමේ අවස්ථාවට මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමි,ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර.විදුහල්පති රජිත තික්ෂණ,නි.විදුහල්පති නවරත්න බණ්ඩාර යන මහත්වරුන් ආදි සිසුන් ,ආචර්ය මණ්ඩලය,සිසුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *