අනාගත තරුණ පරම්පරාව වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමේ අරමුණින් වත්මන් තරුණ ජවය ඒකරාශී විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ කඩුවෙල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ සමුළුවට එක්වෙමිනි.
“අපේ අයිතීන්, අපේ හඬ සහ අපේ අනාගතය වෙනුවෙන් තාරුණ්‍ය එකම වේදිකාවකට” යන තේමාවෙන් සංවිධානය කර තිබූ මෙම කඩුවෙල තරුණ සමුළුව, බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පෙරේදා (12) පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණි.














