එරාවූර් ප්‍රදේශයේදී ලොරියක් පාපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුන්වීමෙන් පසු ස්ථානයෙන් පලාගිය අදාළ ලොරිය සහ එහි රියදුරු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සහ අනතුර සිදු වූ ආකාරය පිළිබඳව එරාවූර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
















