ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) මහතා නිල වශයෙන් දිවුරුම් දී තිබේ. ඒ සමඟම කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලයේ ඔහුගේ මෙහෙයුම් කටයුතු ආරම්භ වී ඇත.
අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලැන්ඩා (Landau) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වී ඇති අතර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය විසින් නව තානාපතිවරයාට සිය සුබපැතුම් එක් කර තිබේ. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පුළුල් අත්දැකීම් ඇති නිලධාරියෙකු වන එරික් මේයර් මහතා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආර්ථික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව සහ සංවර්ධන අංශ කෙරෙහි තම ධුර කාලය තුළ විශේෂ අවධානය යොමු කරනු ඇතැයි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.














