27 April 2024
#දේශීය

ආර්ථික අර්බුදයෙන් වැඩිවශයෙන් පීඩාවට පත්වන්නේ කාන්තාවන් හා ළමුන් – ESCAP මිකිකො ටනාකා

ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින දැඩි ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ කාන්තාවන් හා ළමයින් වැඩිවශයෙන් පීඩාවට පත්වන බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) දකුණු හා නිරිතදිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා (Ms. Mikiko Tanaka) මහත්මිය පැවසුවාය.

ආකාරය තමන් සුපරික්ෂාවට ලක්කළ බවත් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තුළින් පවුල් පරිසරය තුළ කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව ඇය පැවසුවාය.
 
ඇය මේ බව පැවසුවේ අද (02 දා) වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
 
ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම ( ESCAP) විසින් මේ වන විටත් ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකර ඇති බවත් ඉදිරියේදීද තම සංවිධානයේ අඛන්ඩ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවද මිකිකො ටනාකා මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

විශේෂයෙන්ම පවතින වත්මන් ආර්ථික තත්වය හමුවේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ක්ෂේත්‍රය තුළ කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.
 
මේ වන විට රටවල් 20 කට අධික ප්‍රමාණයක ව්‍යවසාය සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු සඳහා තම සංවිධානය සහය දක්වන බවත් ලංකාවේ ව්‍යවසාය ප්‍රවර්ධනයට මෙන්ම කර්මාන්තයක් ලෙස පරිසර හිතකාමී ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ඇසුරුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබාදෙන බවත් මිකිකො ටනාකා (Ms. Mikiko Tanaka) මහත්මිය පැවසුවාය.
 
මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහපොල, ලක්සල සභාපති ඩෙන්සිල් පෙරේරා ඇතුඵ නිළධාරින් පිරිසක් සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *