සේවක අර්ථසාධක අරමුදල් මණ්ඩලය විසින් දායක මුදල් ගෙවීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ නියුතු සියලුම ආයතන සඳහා මෙම නව නියෝගය බලපැවැත්වේ.
මින් ඉදිරියට සියලුම ආයතන තම ETF දායක මුදල් ගෙවීම් සහ මාසික ප්‍රකාශන සම්පූර්ණයෙන්ම ඩිජිටල් ආකෘතියකින් පමණක් ඉදිරිපත් කළ යුතු බව මණ්ඩලය දැනුම් දෙයි. මෙම නියෝගය අගෝස්තු 30 වන දිනට පෙර සිදුකිරීමට නියමිත ETF දායක මුදල් ගෙවීම්වල සිට දැඩි ලෙස ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා නම් කරන ලද වාණිජ බැංකු නවයක් හරහා ඩිජිටල් බැංකු පහසුකම් සලසා ඇත. අදාළ බැංකු සමඟ ගිණුම් නොමැති සේවා යෝජකයින්ට වෙනත් බැංකුවක් හරහා සෘජු හර කිරීම (Direct Debit) භාවිතයෙන් සිය ගෙවීම් සිදුකළ හැකිය.
මෙම නව ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සේවක අර්ථසාධක අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගත හැකිය. එසේම, මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.etfb.lk
වෙත පිවිසීමෙන් ද ඔබට අවශ්‍ය උපදෙස් ලබාගත හැක.
















