යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් සහ නේටෝ මහලේකම් මාර්ක් රූට් අතර පැවති සාකච්ඡාවකදී, යුරෝපා සංගමය සහ නේටෝ හමුදා සන්ධානය අතර පවතින සබඳතා ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවකට පැමිණ ඇති බව අද (16) වාර්තා විය. බ්‍රසල්ස් නුවරදී පැවති මෙම හමුවෙන් අනතුරුව ඇය සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුම හරහා මේ බව තහවුරු කළාය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත නේටෝ සමුළුව පිළිබඳව මෙහිදී දෙපාර්ශවය දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, යුරෝපයේ ආරක්ෂක කර්මාන්ත නිෂ්පාදන ධාරිතාව (Defence industrial output) ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය සහ නේටෝව වඩාත් සමීපව සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණි.
ලෝක දේශපාලනික තත්ත්වයන් සහ ආරක්ෂක අභියෝග හමුවේ යුරෝපයේ යුදමය සූදානම සහ කාර්මික ශක්තිය වර්ධනය කර ගැනීම මෙම නව එකඟතාවයේ ප්‍රධාන අරමුණ වී තිබේ.














