මධ්‍යම සහ දකුණු යුරෝපය පුරා පැතිරී ඇති දරුණු උණුසුම් කාලගුණ තත්ත්වය සහ දැඩි නියඟය හේතුවෙන් ඕස්ට්‍රියාවේ උෂ්ණත්වය වාර්තාගත ඉහළ අගයක් ගෙන ඇති අතර, හංගේරියාව විදුලිබල පද්ධතිය මත ඇති වන පීඩනය අවම කර ගැනීම සඳහා බලශක්ති පරිභෝජනය සීමා කිරීමට පියවර ගෙන තිබේ.
ලෝකයේ වේගයෙන්ම උණුසුම් වන මහාද්වීපය වන යුරෝපය මේ ග්‍රීෂ්ම සෘතුවේදී වාර්තාගත උණුසුම් කාලගුණ තත්ත්වයන්ට සහ විනාශකාරී ලැව්ගිනිවලට මුහුණ දී ඇත. මේ වන විට ඉතාලිය සිය ප්‍රධාන නගර සඳහා රතු උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක පමණ අගයක් ගෙන තිබේ. ඇල්බේනියාවේ මල්ලාකස්ටර් ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පවුල් සහ ගවයන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට හදිසි සේවා කටයුතු කර ඇත.
ස්ලෝවැකියා දේශසීමාව ආසන්නයේ පිහිටි ඔස්ටි‍්‍රියාවේ බෑඩ් ඩොයිෂ්-ඇල්ටෙන්බර්ග් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.2 ක වාර්තාගත ඉහළ අගයක් වාර්තා කර ඇත. ඩැනියුබ් නදියෙහි ජල මට්ටම දැඩි ලෙස අඩුවීම හේතුවෙන් හංගේරියාව සිය එකම පරමාණුක විදුලි බලාගාරයේ ක්‍රියාකාරීත්වය බොහෝ දුරට නතර කර ඇති අතර, ස්ලෝවේනියාවේ ක්‍ර්ස්කෝ (Krsko) පරමාණුක බලාගාරයද සාවා නදියේ ජල මට්ටම පහත වැටීම නිසා විදුලි උත්පාදන ධාරිතාව 80% දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.
තවද, ජර්මනියේ රයින් (Rhine) නදියෙහි ජල මට්ටම වාර්තාගත ලෙස පහත වැටීම නිසා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා ගමනාගමනයට බාධා පැමිණ ඇත. ග්‍රීසියේද ලැව්ගිනි වාර්තා වී ඇති අතර, දැඩි උණුසුම් සහ වියළි කාලගුණය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ධාන්‍ය අස්වැන්න 1984 න් පසු වාර්තා වූ නරකම තත්ත්වයට පත්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













