අමෙරිකාව සහ ඊශ්‍රායලය සම්බන්ධ වී ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය නාවික ගමන් මාර්ගවල හටගෙන ඇති අවහිරතා, යුරෝපීය ප්‍රවාහන හා සැපයුම් (Logistics) සමාගම්වල පළමු කාර්තුවේ ලාභය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. සැපයුම් දාමයන්හි පවතින සංකීර්ණත්වය හමුවේ DHL, DSV සහ Kuehne+Nagel වැනි ප්‍රමුඛ පෙළේ සමාගම්වල ලාභාංශ මෙලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ඇතිවිය හැකි දිගුකාලීන බලශක්ති අර්බුදය සහ ලෝක ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම් පිළිබඳව මූල්‍ය විශ්ලේෂකයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම වසරේ ඉදිරි කාලය තුළ භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම පහත වැටීමෙන් මෙම ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය අඩාල වීමේ අවදානමක් පවතින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.














