• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෑම කොවිඩ් ආසාදිතයෙකුට ගිලන් ඇඳක් දෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය

8 February 2021
in දේශීය

සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුල ප්‍රතිකාර ලබා දෙන බව අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා) වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මේ වනවිට දිවයිනේ නන් දෙසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස දෛනිකව 600-800 අතර ප්‍රමාණයක් වාර්තා වූවත්, එම සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු ඇත.

කොපමණ දුෂ්කරතා බාධා පැමිණියත් මෙම කර්තව්‍ය නොපිරිහෙළා ඉටු කිරිමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් පිහිටුවන ලද විශේෂ ඒකකය මේ වන විට කටයුතු කරනු ලබන බව පෙන්වා දෙන වෛද්‍ය අන්වර් හම්දානි මහතා පසුගිය 2020 වසරේ ජනවාරි මස කොවිඩ් උවදුර ආරම්භ වන විට මෙරට එකම ප්‍රතිකාර මධ්‍යස්ථානය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වූ බවත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපෙදසේ හා මඟපෙන්වීම මත මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 79 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති බවත්, පෞද්ගලික අංශයේ ද හෝටල් සහ ගොඩනැගිලි ආශ්‍රිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන 05 ක් පිහිටුවා ඇති බවත් පෙන්වා දෙයි.

මෙම සියළු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල ගිලන් ඇඳන් 11,443 ක් තිබෙන බව ද අද දිනය වන විට මෙම සියළු ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොවිඩ් ආසාදිතයින් 6000 ක් ප්‍රතිකාර ලබමින් බවද පෙන්වා දෙන ඒ මහතා හදිසි හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන (ICU) 09 ක් දිවයින පුරා පිහිටුවා ඇති බවත්, ඒ් සදහා අවශ්‍ය සියළු වෛද්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයා ඇති බවත් අවධාරණය කරයි.

මෙරට කිසිදු කොවිඩ් රෝගියෙකු නිවෙස් තුල රඳවා තබා හෝ රෝහල් කොරිඩෝ තුල තබාගෙන ප්‍රතිකාර සේවාවන් සිදු නොකොට ලොවටම ආදර්ශයක් සපයමින් ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක බැවින් කොවිඩ් වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු කිසිදු හේතුවක් නිසා බිය විය යුතු නැති බව ද වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් පවසයි.

 

 

Post Views: 7
Previous Post

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට EPF/ETF දීමට එකඟතාවය පල කරයි

Next Post

රට පුරා කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමේ සැලසුමක් – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

editor

editor

Next Post

රට පුරා කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමේ සැලසුමක් - රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved