27 April 2024
#දේශීය

රටේ සියළුම දෙනාට ඉදිරි මාස තුනදී වැක්සින් එක ලබා දෙනවා – ඇමැති කෙහෙලිය

රටේ සියළුම පුරවැසියන්ට ඉදිරි මාස තුන තුලදී කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටිය් එළැඹෙන 06 වනදා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලක්ෂ 20 ක් මෙටට හිමිවන බවයි.

එසේම එන්නත් මිලදී ගැනිමට මුදල් නොමැති බවට ඇතැමුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම පැවසිය.

එසේම රටවල් පනහකට පමණ කිසිදු එන්නතක් ලබා ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක එන්නත් ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *