• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෞරවාන්විත ජිවිතයක් හැමෝම බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන ඇමැති පවසයි

12 February 2021
in දේශීය

ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සියලු දෙනාගේ අවශ්‍යතාව වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙලදීය.

ශ්‍රේෂ්ඨ නායකයෙක් සහ මානුෂවාදියකු ලෙස ලොව ප්‍රකට මහත්මා ගාන්ධිතුමාගේ ආදර්ශයන් ජීවිතවලට එකතු කරගැනීම ඔහුට කරන ලොකු ම ගෞරවය බව, මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය රජය මඟින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන 12 වන වතාවටත් අඛණ්ඩ ව පැවැත්වීම පිළිබඳ අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ මිත්‍රත්වයේ දෑත දිගුකිරීම සම්බන්ධ ව. එමෙන් ම අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් ම සමත් වුණු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මේ ප්‍රදානයන් සිදු කිරීම සම්බන්ධ ව ද සතුට පළ කරන්න කැමතියි. මහත්මා ගාන්ධිතුමා සතුව පැවති වැදගත් ම ගුණාංගය තමයි මානුෂවාදය. එතුමා කුලය නිසා, ධනය නිසා, බලය නිසා, සහ වැන්දඹු වීම වැනි තත්ත්වයන් මත අසාධාරණයට පත් වුණු ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන්ට යහපත් සහ ගෞරවාන්විත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් පෙනී සිටියා. එතුමාගේ එම මානුෂීය ගුණාංගයන් ඔබේ ජීවිතවලටත් ආදේශ කර ගන්න තමා පසුගිය සතියේ යාපනයේ පාසල්වල සංචාරය කළ අතර, දරුවන්, දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන් මුණගැසී එහිදී කළ සාකච්ඡාවන්ගෙන් හෙළි වූයේ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සියලු දෙනාගේ අවශ්‍යතාව වී ඇති බවත්, ක්‍රීඩා තරග, සංස්කෘතික උත්සව ආදියට උතුරේ දරුවන්ට දකුණේ දරුවන් හා සම්බන්ධවීමට ඉඩප්‍රස්ථා ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවත්, සෑම දරුවකුගේ ම අභිලාෂය සාර්ථක ජීවිතයක් ගත කිරීම බව ද සියලු පාර්ශවයන්හි සහයෝගය ලබාගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන්නට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

2006 වසරේ සිට ක්‍රියාත්මක වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මුල් අදියරේදී දීපව්‍යාප්ත මට්ටමින් තෝරාගත් උසස් පෙළ සිසුන් 100කට ශිෂ්‍යාධාර ලබාදුන් අතර මේ වනවිට සිසු සිසුවියන් 150 දෙනෙකු වෙත මසකට රු.2500/= බැගින් උසස් පෙළ හදාරනු ලබන වර්ෂ දෙකක අධ්‍යයන කාලය මුළුල්ලෙහි ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරේ. දිස්ත්‍රික් මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල ප්‍රවීණතාවය ලබා ඇති වාර්ෂික ආදායම රු.120,000/= ට අඩු ආදායමක් ලබන දෙමව්පියන්ගේ දරුවන් මෙම ශිෂ්‍යත්වය සඳහා තෝරාගැනේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අධ්‍යාපන උපදේශක ගෝපාලන් නාරායනන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා, අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී.ධර්මසේනෙ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Post Views: 6
Previous Post

වන සම්පත් රැකගන්න … ප්‍රසන්න – විමලවීර අමාත්‍යංශ අතර අවබෝධතා ගිවිසුමක්

Next Post

පරිසර හිතකාමී දේවලට උපරිම සහාය දෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

editor

editor

Next Post

පරිසර හිතකාමී දේවලට උපරිම සහාය දෙනවා - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved