Evolution Auto (Pvt) Ltd ආයතනය විසින් ඇත’ර් (Ather) Overtone විද්‍යුත් ස්කූටර් ශ්‍රේණිය මෙරට ධාවකයින් වෙත හඳුන්වා දී තිබේ.
මෙම නව Overtone ස්කූටර් මාලාව “Infinite Cruise” සහ “Magic Twist” යන නවීන විශේෂාංග දෙකකින් සමන්විත වන අතර, එය Space Grey, Lunar Grey සහ Still White යන වර්ණ තුනකින් ලබාගත හැකිය. දිගු ගමන් සඳහා නියමිත වේගයක් පවත්වා ගැනීමට උදව් වන “Infinite Cruise” සහ ත්‍රොටල් පාලනය (throttle response) සඳහා නව පාලනයක් එක් කරන “Magic Twist” විශේෂාංග හරහා රිය පැදවීමේ අත්දැකීම වඩාත් ඉහළ නංවා ඇති බව Evolution Auto ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහරාන් සියාවුදීන් (Zahran Ziyawudeen) මහතා සඳහන් කරයි. Evolution යනු ශ්‍රී ලංකාවේ Ather Energy විද්‍යුත් ස්කූටර් සඳහා බලයලත් බෙදාහරින්නා වේ.














