යාපනය, චෙම්මනි සමූහ මිනීවළේ තෙවන අදියරේ තුන්වන කොටසෙහි කැණීම් කටයුතු අද (15) උදෑසන සිට නැවත ආරම්භ විය. අධිකරණ අවසරය මත මෙම තෙවන අදියර දින 56ක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ අතර, දින 32ක කැණීම්වලින් අනතුරුව ජුනි 23 වන දින ඒවා තාවකාලිකව අත්හිටුවා තිබුණි.
පසුගිය වසරේ මැයි 15 දින ආරම්භ වූ පළමු අදියරේදී පුද්ගලයින් 19 දෙනෙකුගේ අස්ථි කොටස් සොයාගත් අතර, ජුනි 26 දින ආරම්භ වූ දෙවන අදියරේදී සැප්තැම්බර් 3 දක්වා දින 45ක් තුළ සමස්ත අස්ථි කොටස් 240ක් හඳුනා ගැනීමට හැකි විය. එසේම, මෙම වසරේ අප්‍රේල් 27 සිට මේ දක්වා පැවති තුන්වන අදියරේ කැණීම්වලින් ද සැලකිය යුතු අස්ථි කොටස් ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මේ දක්වා චෙම්මනි සමූහ මිනීවළෙන් මානව අස්ථි කොටස් 412ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 409ක් මේ වන විට සම්පූර්ණයෙන්ම ගොඩගෙන තිබේ. දැනට පවතින දත්තවලට අනුව මෙය ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති විශාලතම සමූහ මිනීවළ වේ.
















