• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2022 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සුවිශේෂී නායකයින් ඇගයීමට ලක් කෙරේ

31 May 2023
in ව්‍යාපාර

Colombo Leadership Academy (CLA) විසින් සංවිධානය කරන ලද 2022 වර්ෂයට නියමිත විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගම සුවිශේෂී ජයග්‍රහණයන් කිහිපයක්ම ලබා ගැනීමට සමත් විය.

මෙම සම්මාන පිරිනැමුණේ, ව්‍යාපාරික ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම, ආයතනික දැක්ම සමඟ සමාන්තරව කටයුතු කිරීම, කණ්ඩායම් කාර්යසාධකත්වය පෝෂණය කිරීම සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැපී පෙනෙන කුසලතා ප්‍රදර්ශනය කළ කළමනාකරුවන් ඇගයීම උදෙසාය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී “ප්‍රතිඵලයන් සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක වීමේ විශිෂ්ටත්වය”, “ආයතනික දැක්ම සමඟ සමාන්තරව කටයුතු කිරීම” සහ “සහයෝගීතාව සහ කණ්ඩායම් කාර්යසාධකත්වය” යන අංශයන් යටතේ අලියාන්ස් ලංකා හි සාමාජික සාමාජිකාවන් 9 දෙනෙකු සම්මානයෙන් පිදුම් ලැබුවෝය.

තවද අලියාන්ස් ලංකා සමාගම, 2022 වර්ෂයේ විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක් ලෙස පිළිගැනීමට ලක් වූ අතර, මෙම කීර්තිමත් සම්මානය අඛණ්ඩව පස්වන වරටත් අලියාන්ස් ලංකා සමාගමට හිමිවීම සුවිශේෂී වේ. සාර්ථකත්වය සහ විශිෂ්ටත්වය කරා සමාගම ගෙන යන සුවිශේෂී නායකයින් පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා අලියාන්ස් ලංකා හි නොසැලෙන කැපවීම, මෙම ජයග්‍රහණය මඟින් පිළිබිඹු වේ.

පසුගිය වසර පහ තුළ කළමනාකරුවන්ගේ සම්මානයෙන් පිඳුම් ලැබූ කණ්ඩායම් සාමාජිකයින් 28 දෙනෙකුගෙන් අලියාන්ස් ලංකා කණ්ඩායම සමන්විත වන අතර ඉන් 25% ක් කාන්තා කළමනාකාරිනියන් වේ.

පිළිගැනීමට ලක් වූ කළමනාකරුවන් අගය කරමින්, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි දේශීය කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ස්මී මහතා සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා එක්ව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ , “අපගේ කණ්ඩායම් සාමාජිකයින්ට ඔවුන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීමටත්, මෙම සමාගම විශිෂ්ටත්වය කරා ගෙන යාම සඳහා ඔවුන් කළ කැපවීම, මහන්සිය වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමටත් අපි මෙය අවස්ථාවක් කර ගන්නෙමු. 2018 වසරේ සිට අඛණ්ඩව විශිෂ්ට කළමනාකරුවන් සහිත සේවා යෝජකයෙකු ලෙස පිළිගැනීමට පත් වීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වන්නෙමු. මෙම විශිෂ්ටත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම පිළිබඳව අපි බෙහෙවින්ම ආඩම්බර වන අතර ඉදිරි වසරවලදී තවත් කැපී පෙනෙන නායකයින් රැසක් බිහි කිරීමට බලාපොරොත්තු වන්නෙමු,” යනුවෙනි.

2022 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී මතු සඳහන් අලියාන්ස් ලංකා හි කළමනාකරුවන් / කළමනකාරිනියන් සම්මානයට පාත්‍ර විය. සනත් වීරසිංහ – ප්‍රතිඵලයන් සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක වීමේ විශිෂ්ටත්වය, නිරෝෂණ රණවීර, මිහිරි ලියනගේ, මනෝජා අබේගුණවර්ධන, ප්‍රබෝධ චූලසිරි, ගිහාන් අබේවර්ධන, සුරාන් ඩි සිල්වා සහ තහරා සේනානායක – ආයතනික දැක්ම සමඟ සමාන්තරව කටයුතු කිරීම සහ ගයනි තරංගිකා – සහයෝගීතාව සහ කණ්ඩායම් කාර්යසාධකත්වය.

අලියාන්ස් ලංකා හි මානව සම්පත් නිලධාරිනී ඉෂානි සෙනවීර මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකශ කර සිටියේ, “අලියාන්ස් හි අපි විශ්වාස කරන්නේ මිනිසුන් සඳහා ආයෝජනය කිරීමයි. නිවැරදි සහය ඇතිව අපගේ සාමාජික සාමාජිකාවන්ගේ සම්පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගත හැකි බව අපි විශ්වාස කරන්නෙමු. ක්ෂේත්‍රයේ නූතන ප්‍රවණතා සහ ඉදිරි දැක්මට අනුකූලව අපගේ සාමාජික සාමාජිකාවන් පුහුණු කිරීම, කුසලතා ඉහළ නැංවීම සහ දැනුවත් කිරීම සඳහා ආයෝජනය කිරීමට අපි ප්‍රමුඛතාවයක් ලබා දී ඇත්තේ එබැවිනි. අපගේ නව ප්‍රධාන කාර්යාලය සහ නම්‍යශීලී අයුරින් වැඩ සංවිධානය කිරීම වැනි දෑ මඟින් විශිෂ්ට සේවා පරිසරයක් ලබාදීම සඳහා අපි විශාල වශයෙන් ආයෝජනය කර ඇත. මේ අනුව, අපගේ මෙම නව ආරම්භය සාමාජික සාමාජිකාවන් හට ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රියා කිරීමට සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයෙහිම පිළිගැනීමට ලක් වීම සඳහා උපකාර වන බව දැකීමට අපට සතුට දනවන්නක් වනු ඇත.” යනුවෙනි.

පොදුවේ අලියාන්ස් ලංකා ලෙස හැඳින්වෙන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන අලියාන්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. අලියාන්ස් සමූහයේ ගෝලීය ශක්තිය සහ ශක්තිමත් ප්‍රාග්ධනීකරණය සමග එක් වී ඇති දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම අලියාන්ස් ලංකාහි සාර්ථකත්වය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි.

 

පිටපත – PR

 

Post Views: 12
Previous Post

මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ – ඇමති ප්‍රසන්න

Next Post

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජයේ අවධානය

editor

editor

Next Post

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජයේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved