• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Expo -2020 ප්‍රදර්ශනය තාක්ෂණික දැනුම හුවාමාරු කරගැනීමට කදිම අවස්ථාවක් – ක්‍රිඩා අමාත්‍ය නාමල් කියයි

9 March 2021
in දේශීය

ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමග අප රට පවතින සබඳතා ශක්තිමත් කරගැනීමටත් තාක්ෂණික දැනුම හුවාමාරු කරගැනීමටත් Expo -2020 ප්‍රදර්ශනය අපට ලැබෙන කදිම අවස්ථාවක් බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා ඩුබායි රාජ්‍යය බලා පිටත් වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අමාත්‍යවරු දෙපළ ඊයේ (08) දින Expo -2020 ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය නැරඹීමටත් ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකා ප්‍රදර්ශන කලාපය නිරීක්ෂණයටත් එක්විය.

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ 2020 වර්ෂයේ ඔක්තොම්බර් මස 20 වනදා සිට 2021 වර්ෂයේ අප්‍රේල් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ Expo -2020 ප්‍රදර්ශනය පැවති Covid -19 තත්ත්වය හමුවේ පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

ලෝකයේ දියුණු රටවල් බොහෝමයක් තම නවීනතම තාක්ෂණය මුසු නිෂ්පාදන හා සේවාවන් මෙහිදී ප්‍රදර්ශනය කරනු ලබයි. මෙම එක්ස්පෝ ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාව සඳහා ප්‍රදර්ශන කලාපයක් වෙන්කර තිබීම ද ඉතා සුවිශේෂී කරුණකි. Expo -2020 හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු නියෝජිත පිරිස විසින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු නියෝජිත පිරිස පිළිගනු ලැබු අතර එහිදී Expo -2020 හි ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබදව කරුණු පැහැදිලි කිරීමක් ද සිදුවිය.

ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමග අප රට පවතින සබඳතා ශක්තිමත් කරගැනීමටත් තාක්ෂණික දැනුම හුවාමාරු කරගැනීමටත් Expo -2020 මෙම ප්‍රදර්ශනය අපට ලැබෙන කදිම අවස්ථාවක් බවත් මෙම ප්‍රදර්ශන භූමිය නැරඹීමට පැමිණෙන ජනතාවට විශ්මිත අත්දැකීම් ගෙනදිය හැකි ලෝකයේ වඩාත්ම විචිත්‍රවත් ප්‍රදර්ශනයක් ලෙසින් ඩුබායි එක්ස්පෝ 2020 සංවිධානය වනු ඇති බවටත් එහිදි අමාත්‍යවරයා අදහස් පල කළේය.

මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශ්මිත අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම පිළිබඳ Expo -2020 ප්‍රදර්ශනයේ ප්‍රධාන විධායක නිලධාරී කලීඩ් මාතර් අල් මන්නායි මහතා (Khalid Matar Al Mannaei) ඇතුලු නියෝජිත පිරිසට අමාත්‍යවරයා තම විශේෂ ස්තූතිය පුදකර සිටියේය.

ඉහත අවස්ථාව ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.මෙම හමුවේ ඡායාරූප මේ සමග යොමු කරමි.ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

 

Post Views: 5
Previous Post

සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වයි

editor

editor

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved