• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ බලපෑමට ලක්වූ මුහුදු තීරය කඩිනමින් ධීවර කටයුතු සඳහා වීවෘත කරන්න – අගමැති

12 June 2021
in දේශීය

අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පස්වරුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

පරිසර,ධීවර,ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමත් අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

කොවිඩ් වසංගත තත්ත්වය සමඟාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාව නෞකාව හේතුවෙන් අගතියටපත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සදුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන, කංචන විජේසේකර, නාලක ගොඩහේවා මහත්වරු සහ , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, නීතිපති සංජේ රාජරත්නම්,නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක, ජාතික සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 6
Previous Post

වැඩි කළ ඉන්ධන මිල ගණන් මෙන්න

Next Post

අන්තර්ජාල ගාස්තු නොමැතිව රටේ සියලුම දරුවන්ට e-තක්සලාව ලබා දීමේ වැඩපිළිවෙලක්

editor

editor

Next Post

අන්තර්ජාල ගාස්තු නොමැතිව රටේ සියලුම දරුවන්ට e-තක්සලාව ලබා දීමේ වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved