• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අන්තර්ජාල ගාස්තු නොමැතිව රටේ සියලුම දරුවන්ට e-තක්සලාව ලබා දීමේ වැඩපිළිවෙලක්

12 June 2021
in දේශීය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්න ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

2021 ජුලි 21 දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online) පන්ති e-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති e-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරිණි.

ඒ අනුව මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ට ලංකා රාජ්‍ය මේඝය තුළ ප්‍රමාණවත් තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කරදෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට එකවර ඊට ප්‍රවේශවිය හැකි අවස්ථාව සලසන්නැයි අමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා කියා සිටියේය.

සන්නිවේදන කුලුණු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටත් මාර්ගගත අධ්‍යාපනය ලැබීමේ දී අන්තර්ජාල ආවරණ බාධා, ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන් වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් අවශ්‍ය බව අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකතන මෙවලමක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කර ඒ පිළිබදව තමන් දැනුවත් කරන්නැයි අමාත්‍යවරයා පැවසීය.

අන්තර්ජාල ආවරණය පිළිබද දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් e – තක්සලාව මගින් ඉගැන්වීම තහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් හඳුනාගත් මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල විහාරස්ථාන සහ පරිගණක සම්පත් මධ්‍යස්ථාන), “ e-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ”ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත්කරන්නැයි ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

අදාළ කටයුත්තේ දී ඉගෙනුම් අවස්ථා ලබාදීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග ලබාදීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්, අධ්‍යපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත්, කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරු සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

Post Views: 6
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ බලපෑමට ලක්වූ මුහුදු තීරය කඩිනමින් ධීවර කටයුතු සඳහා වීවෘත කරන්න – අගමැති

Next Post

ගම්මන්පිලට අස්වෙන්නැයි සාගර කියයි

editor

editor

Next Post

ගම්මන්පිලට අස්වෙන්නැයි සාගර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved