පසුගිය 10 වනදා සිට ගත වූ දින තුන තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් රුපියල් 163291065 ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි එම දින තුන ඇතුළත රථවාහන 434338 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර තිබේ මෙහි විශේෂත්වය වන්නේ වැඩිම ආදායම සහ වැඩිම රථවාහන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් 10 වනදා වීමයි
එම දිනට අදාළව වාර්තා වූ රථවාහන සංඛ්‍යාව 161847 ක් වන අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් 59815450 කි අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ජනතාව විශාල වශයෙන් ගම්බිම් බලා යාම මෙම ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත














