අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කරන බවට ලැබුණු පැමිණිලි මත කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් විමර්ශන ආරම්භ කරන ලදී. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරු මීට පෙරද මෙවැනිම ආකාරයේ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු බවයි. මෙවැනි වංචනික ක්‍රියා මගින් මහජනතාව නොමග යවන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙම සිදුවීම තුළින් යළිත් වරක් මතු වේ.
















