රතුපස්වල හේනේගම මාර්ගයේ කඳුවත්ත ප්‍රදේශයේදී අද (14) දින සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. හේනේගම දෙස සිට රතුපස්වල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මත පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසු තරුණයා ලොරි රථයට යටවීමෙන් බරපතළ තුවාල ලබා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බටහිර වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිවේරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














