කොළඹ රිජ්වේ ආර්යා රෝහලට රුපියල් මිලියන 10ක් වටිනා CT Scan යන්ත්රයක් මිලදී ගන්නා බව පවසමින් සිදු කරන ලදැයි කියන මූල්ය අක්රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණයට දැනුම් දී තිබේ.
කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ මෝසමක් සහ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පොලිසිය මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ඩී. එස්. කේ. එස්. කුමාරි සහ කේ. එච්. නිරෝෂා යන අයට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බවත් FCIDය වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්රකාශ කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, අදාළ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.
















