27 April 2024
#දේශීය

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ගුටි කෙලියක්

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයේදී බීමතින් පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විපක්ෂ නායකතම ඉල්ලා විපක්ෂ නායකට පහරදීමක් සිදුව තිබේ.

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අද (19) පෙරවරු 10.30 ට එම සභාවේ සභාපති ඩී.එම් ලාල් සෙනවිරත්න මහතාගේ සභාපතිත්වයෙන්ආරම්භ කිරීමට නියමිතව තිබියදී, එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්ෂාන් මහතා සභාව ආරම්භයට පෙර පැමිණ විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් මහතාට වෙන් කර ඇති විපක්ෂ නායක පුටුවේ අසුන් ගෙන ඇත.

පෙරවරු 10.30 ට පමණ විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් මහතාද සභාව තුළට පැමිණි අවස්ථාවේදී ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා විපක්ෂනායකවරයාට බැණ වැදී පහරදීමක් සිදු කළ අතර, දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.ඒ අවස්ථාවේදී මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම් ලාල් සෙනවිරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මැදිහත්වී ගැටුම සමතයකට පත් කිරීමට කටයුතු කළ අතර, ඇති වූ ගැටුම හේතුවෙන් සභාව ආරම්භ කිරීම තාවකාලිකව දීර්ඝ කරනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පහරදීම සිදු කළ ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ අවස්ථාවේදීද මන්ත්‍රීවරයා පරුෂවචනයෙන් බැණ වැදී කෑකෝ ගසා ඇති අතර,එම මන්ත්‍රීවරයා සභාව තුළට බීමතින් පැමිණ සිට ඇති බවටද අනාවරණය වී ඇත.

පෙරවරු 11.30 ට පමණ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය නැවතත් ආරම්භ කරනු ලැබිය.

 

අනුරාධපුර – තිසර

Leave a comment

Your email address will not be published. Required fields are marked *