27 April 2024
#Uncategorised

මුල්‍ය ගනුදෙනු විනිවිද කළ යුතුයි

විගණන පනත සම්මත කිරීම මේ වන විට කාලෝචිත අවශ්‍යතාවක් බව මල්වතු අස්ගිරි මහනායක හිමිවරු දෙනම පවසති.

රජයේ විගණාකාධිපති ගාමීණී විජේසිංහ මහතා ඊයේ (2) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනායවක හිමිවරුදෙනම බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමිවරු දෙනම මේ බව ප්‍රකාශ කළහ.

රජයේ මූල්‍යය ගනුදෙනුවල විනිවිද භාවය සුරැකීම පිණිස ඉවහල් වන මෙවැනි පනතක් ගෙනඒමට එරෙහි විය හැක්කේ වංචා දූෂණවලට සම්බන්ධ වූවන්ට පමණක් බවද උන්වහන්සේ දෙනම පවසති.

යෝජිත විගණන පනත මෙම මස 5 දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා බවත් මෙම පනත සම්මතවීමෙන් රටේ දූෂණ, වංචා, අක්‍රමිකතා විශාල පාලනයකට ලක්වන බවත් මෙහිදී විගණාකාධිපතිවරයා මහනායක හිමිවරුදෙනම හමුවේ ප්‍රකාශ කළේය.

මෙම පනත ගෙන ඒමෙන් විගණාකාධිපතිවරයාගේ බලතල අසීමිත ලෙස ඉහළ යන බවට ඇතැමුන් වැරැදි වැටහීමක සිටින බවත් විගණාකාධිපතිවරයාට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල තිබෙන බවත් කී ඒ මහතා මෙම පනත මගින් සිදුවන්නේ රාජ්‍ය්‍ය මුදල් හා දේපොළ අවභාවිතයට වැට බැඳීම බවද අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *