• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලශක්ති ප‍්‍රවර්ධනයට පින්ලන්තයේ සහාය

13 June 2018
in සංවර්ධන

ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවීම සහ ඒ තුළින් මේ වනවිට ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව පින්ලන්තයේ ආර්ථික සබඳතා සහ රැකීරක්ෂා නියෝජ්‍ය අමාත්‍ය Petri Peltonen මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (12) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති ද්වීපාර්ශ්වික නිල සාකච්ඡාවකදීය.

දෙරට අතර පවතින්නාවූ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා තවත් තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් මෙරට තුළ යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් පිළිබඳව තම රටේ බලශක්ති ක්ෂේත‍්‍රය දැනුවත් කර, එම ක‍්‍රමෝපායයන් අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේම බලශක්ති අර්බුදයට පිළියම් සොයනු වස් දේශීය වශයෙන් අනුගමනය කරන්නාවූ බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායයන් පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා, විෂයබාර අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡුා කරනු ලැබීය. විශේෂයෙන්ම මුහුදු රළ මගින් විදුලිය නිපදවීම පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡුා පැවැත්වූ අතර මේ සඳහා පින්ලන්ත රජයේ තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය ලබාදීමටත් කටයුතු කරන බව පින්ලන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම කරුණු වලට අමතරව මෙරටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට මෙන්ම රටවල් අතර මිත‍්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමා පොරොන්දු වන බවද පැවසීය. පසුගිය වසර වල ශ‍්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් මෙරටේ ආර්ථික සංවර්ධනයට පින්ලන්තය විසින් ලබාදුන් සහාය පිළිබඳව අමාත්‍යවරයා විසින් සිය ප‍්‍රසාදය පලකළේය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී එම් එස් බටගොඩ මහතාද සහභාගි විය.

Post Views: 14
Previous Post

විමල්ගෙන් ජනපතිට ලියුමක්

Next Post

ජවිපෙ දැනටමත් උගුලක පැටලිලා – මරික්කාර් කියයි

editor

editor

Next Post

ජවිපෙ දැනටමත් උගුලක පැටලිලා - මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved