• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ෆස්ට් කැපිටල් සමාගම දැඩි ආර්ථික සහ දේශගුණික අභියෝග මධ්‍යයේ රුපියල් බිලියන 2.10ක ශුද්ධ ලාභයක් ලබයි

මූලික ආදායම බිලියන 6.59කට

29 May 2026
in දේශීය, පුවත්
ෆස්ට් කැපිටල් සමාගම දැඩි ආර්ථික සහ දේශගුණික අභියෝග මධ්‍යයේ රුපියල් බිලියන 2.10ක ශුද්ධ ලාභයක් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනශක්ති සමූහයට (Janashakthi Group – JXG) අනුබද්ධිත, මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (First Capital Holdings PLC) සමාගම 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 2.10ක බදු පසු ශුද්ධ ලාභයක් (Profit after Tax) වාර්තා කරමින් ස්ථාවර මූල්‍ය ප්‍රගතියක් පෙන්වීමට සමත්ව තිබේ. පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 5.02ක ලාභයට සාපේක්ෂව මෙවර ලාභය යම් පහත වැටීමක් පෙන්නුම් කළ ද, වසර පුරා පැවති සංකීර්ණ මූල්‍ය හා පාරිසරික වටපිටාව මනාව කළමනාකරණය කරමින් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම සමත්ව ඇත. මූල්‍ය වර්ෂය තුළ මෙරටට දැඩි බලපෑම් එල්ල කළ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව, මැදපෙරදිග දේශපාලන අර්බුද සහ මූල්‍ය සේවාවලට අදාළ එකතු කළ අගය මත බදු (VAT) තක්සේරු කිරීම් පියවීම වැනි අභියෝග රැසකට මුහුණ දීමට ෆස්ට් කැපිටල් සමාගමට සිදුවිය.
එවැනි දැඩි බාහිර අභියෝග මධ්‍යයේ වුවද, සමාගමේ ප්‍රාථමික අලෙවිකරණ (Primary Dealer) සහ ආයතනික ණය සුරැකුම්පත් (Corporate Debt Securities) අංශයන් ඉහළ දස්කම් දක්වමින් මෙහෙයුම් වියදම්වලට පෙර රුපියල් බිලියන 6.59ක ශක්තිමත් ශුද්ධ ආදායමක් උපයා දී තිබේ. මෙයින් ප්‍රාථමික අලෙවිකරණ අංශය පමණක් රුපියල් බිලියන 1.60ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර, ඊට රජයේ සුරැකුම්පත් වෙළඳාමෙන් ලද රුපියල් බිලියන 1.44ක ලාභය සහ රුපියල් බිලියන 1.75ක ශුද්ධ පොලී ආදායම මඟින් විශාල දායකත්වයක් ලැබී ඇත. ආයතනික මූල්‍ය උපදේශන සහ සුරැකුම්පත් ගනුදෙනු අංශය රුපියල් බිලියන 0.93ක ලාභයක් ලබා ඇති අතර, කොටස් තැරැව්කාර (Stock Brokering) අංශය පෙර වසරේ ලැබූ රුපියල් මිලියන 71ක ලාභය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. එමෙන්ම, වත්කම් කළමනාකරණ (Wealth Management) අංශය රුපියල් මිලියන 84ක ලාභයක් වාර්තා කරන විට, 2026 මාර්තු 31 දින වන විට ඔවුන් කළමනාකරණය කරන සමස්ත වත්කම් ප්‍රමාණය (AUM) රුපියල් බිලියන 96.2ක් වැනි ඉහළ අගයක් ගෙන ඇත.
සමාගමේ මෙම සුවිශේෂී මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් 2026 ජනවාරි මාසයේදී ෆස්ට් කැපිටල් සමාගම වෙත ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායී මූල්‍ය සන්නාමයන්ට හිමිවන “සුපර්බ්‍රෑන්ඩ්ස්” (Superbrands) තත්ත්වය ද පිරිනමනු ලැබීය. ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාන් වීරසේකර යන මහත්වරුන් ප්‍රකාශ කර සිටින්නේ, ඉදිරියේදී ස්ථාවර ආදායම් මාර්ග, කොටස් වෙළෙඳපොළ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍රයන් තුළ නවෝත්පාදනයන් සිදු කරමින් පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් ඔස්සේ සමාගමේ නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
Post Views: 4
Previous Post

හේලීස් ඉතිහාසයේ ඉහළම ආදායම ලබමින් අර්ධ ට්‍රිලියනයේ සීමාව පසුකරයි

Next Post

හෙල්ත්කෙයාර් අංශයේ මිල පීඩනය මධ්‍යයේ වුවද සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය 11.2%ක ආදායම් වර්ධනයක් සමඟ බිලියන 65.9ක් උපයයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved