27 April 2024
#දේශීය

මත්ස්‍ය පරිභෝජනයට අනිසි බියක් ඇතිකරගත යුතු නැති බව ධිවර ඇමැති කියයි

මත්ස්‍ය පරිභෝජනය කිරීමට ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහාලුම් විනාශ වීමත් සමග එහි කොටස් සාගර පද්ධතියට එකතු වෙමින් පවතින අතර එහි බලපෑම කොළඹ සිට මීගමුව දක්වා විහිදී ඇති බවයි.

එම තත්වය තුළ සමහර සමාජ මාධ්‍ය ජාල මගින් මහජනතාවට මත්ස්‍ය පරිභෝජනය නොකරන ලෙස ප්‍රචාරණයක් ගෙන ගියද ඒ පිළිබද අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත‍්‍යවරයා කියා සිටියේ නෞකාව හානියට පත් වෙමින් පවතින කොළඹ මුහුදු තීරයේ හා මීගමු මුහුදු තීරයෙත් ධීවර කටයුතු වල යෙදීමෙන් වලකින ලෙස දැනටමත් ධීවර පරීක්ෂකවරුන් හරහා ධීවර ප්‍රජාව දැනුවත් කර ඇති අතර නාරා ආයතනයේ පරීක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ගනිමින් සාගර පරිසර පද්ධතිය හා මත්ස්‍ය ජීවීන් පිළිබද අධ්‍යනය කරමින් සිටින අතර එහි වාර්තාව ලැබීමෙන් පසු සාගරයට සිදු වු හානිය පිළිබද තක්සේරුවක් කරමින් එහි වන්දිය ලබා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කල අමාත්‍යවරයා මත්ස්‍ය පරිභෝජනය කිරීමට ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් මෙම නෞකාව හානියට පත් වු ප්‍රදේශයෙන් පිටතට එහි අපද්‍රව්‍ය යාමට නොදී රටවටා ඇති මුහුදු තීරය රැක ගැනීමට ද කටයුතු කරන බවද ප්‍රකාශ කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *