27 April 2024
#දේශීය

කොවිඩ් මරණ 5 යි : නිදන්ගත රෝග නැතුවත් මරණය ට ඉඩ ඇත

අද (04) වන විට මෙරට නව  කොරෝනා වෛරසය   ආසාදිතයින්  159 ක් වාර්තා වන අතර මියගිය ගණන පහකි.

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් තහවුරු කර ඇත.

තව ද මේ වන විට වෛරසය ආසාදනය වූ බවට සැක සහිත 131ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වන අතර සුවය ලැබූ ප්‍රමාණය විසි හතරකි.

මේ අතර මෙරටින් වාර්තා වූ පස්වන මරණය සම්බන්ධව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වී ඇත.

ඒ 44 හැවිරිදි එම පුද්ගලයාට වෙනත් නිදන්ගත රෝග තිබිය නොමැති නිසා ය. ඔහු පසුගිය 23 වනදා  වැලි කන්ද රෝහලට ඇතුලත් කර ඇති අතර 26 වන දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

වෙනත් නිදන්ගත රෝග නැතුවත් අදාළ මරණය සිදුව ඇති බැවින් ජනතාව වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට උපරිමයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය බලධාරී ගේ නිර්දේශය වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *