• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එකම පවුලේ හත් දෙනෙකුගෙන් පස්දෙනෙකුම සිය දිවි නසාගෙන

3 August 2023
in දේශීය

එප්පාවලපොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ තුසිත සම්පත් බංඩාර නම් 24 හැවිරිදි තරුණයෙකි. ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස අද (02) සියදිවි නසාගෙන ඇත. නිවසේ කිසිවකුත් ඒ අවස්ථාවේ රැදී සිට නැති අතර, පස්වරු 12. 00 ට ආසන්න වේලාවකදී ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. නිවසේ කාමරයක් තුළ ලනුවක ආධාරයෙන් ඔහු ගෙල වැලලාගෙන ඇත. අසල නිවසක කාන්තාවක් ඔහු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලීසියට මේ පිළිබඳව දැනුම්වත්කර ඇත.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ බහින් බස් වී මොහු සිය දිවි නසා ගෙන ඇති බවටයි පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනකු හා සොයුරියකද මීට පෙර සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය අනාවරණය කර ගෙන ඇති අතර, ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙස මොහු සියදිවි හානි කර ගෙන ඇත.

 

මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරෙකු හා සොයුරියක තලාව ප්‍රදේශයේදී දුම්රියට පැණ සියදිවි නසාගෙන ඇති බවත්, මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙල වැලලාගෙන තවත් සොයුරෙකු සියදිවි නසා ගෙන ඇති බවත්, මෙම තරුණයා ගෙල වැළලාගත් කාමරයේම ඔහුගේ සොයුරෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලීසියට අනාවරණය වී ඇත.ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇතැයි වාර්ථා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය විමර්ශණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 14
Previous Post

ලෝක පොල් දිනයට සමගාමීව දෙවනි පොල් ත්‍රිකෝණය උතුරින් – අමාත්‍ය රමේෂ්

Next Post

වතුර නැතිවුනොත් වගා බිම් අක්කර 25000 ක් විනාශයි

editor

editor

Next Post

වතුර නැතිවුනොත් වගා බිම් අක්කර 25000 ක් විනාශයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved