27 April 2024
#දේශීය

සෞඛ්‍ය සේවාවේ මුල්‍ය පාලනය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්න – රවි කුමුදේශ්

දැඩි ආර්ථික දුෂ්කරතාවය හේතුවෙන් බරපතල අර්බුධයකට සෞඛ්‍ය සේවාව ලක්ව ඇතත්, පවතින ප්‍රතිපාදන නාස්තිය සහ දූෂණයට ලක්වීම තව දුරටත් පෙනෙන්නට තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු පැවසුවේ උපකරණ, ප්‍රතික්‍රීයක, රසායන් දව්‍ය, ඖෂධ, වැනි සැපයුම් ලබා ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැන භාවිත කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම හරහා විශාල මුදල් ඉතිරියක් කරගත හැකි වුවද, ඇතැම් විශේෂඥ වෛද්‍ය වරුන්ගේ පූර්ණ ඒකාධිකාරී තීරණ වලට යටවෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම හේතුවෙන් එකී මුල්‍ය විනය ඇති කර ගැනීමට කාලාන්තරයක් තිස්සේ නොහැකි වී ඇති බවයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සහ තාක්ෂණික ඇගයිම් වලදී සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හරහා කොලිටිය හෙවත් ‘ගුණාත්මකව උසස්’ යන්න තනි පුද්ගලයෙකුගේ මතයක් බවට පරිවර්තනය වී ඇති අතර, විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කල සෞඛ්‍ය ලේකම් වරයා, ඒ හරහා සිදුවන දූෂිත තත්වයන් හොදින් හදුනන නමුත්, මෙතෙක් ඒ පිළිබදව කිසිදු පියවරක් ගෙන නොමැති බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් මෙම තත්වයන් වලක්වා ගැනිමින් අතරමැදියන්ගේ කොමිස් උත්ප්‍රේරණය කිරීම වෙණුවට, ප්‍රායෝගික වශයෙන් තත්වයෙන් උසස් මහජන සේවාවක්, අවම පිරිවැයක් යටතේ මහ ජනතාවට ලබා දීම තහවුරු.කිරීම සදහා විධිමත් වැඩ පිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ ක්‍රියාත්මක කල යුතු අතර්, දුෂිත තත්වයන් සදහා පැමිණිලි කිරීමට සහ කඩිනමින් මැදිහත්වීම සදහා යාන්ත්‍රණයක් ඇති කිරීම සදහා ස්වාධීන මණ්ඩලයක් වහා පත් කරන ලෙස ඉල්ලා සිටින බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *