• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බල ශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ADB වලින් රු. මි. 8000ක්

18 September 2018
in සංවර්ධන

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 8000 මුදලක් (ඇ.ඩො. 50) ලබා දී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය විසින් අද (18) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක යි. අපනයනය මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ජානගත ව්‍යාවාසයකත්ව හැකියාව බල ගැන්වීමේ සඳහා ණය යෝජනා ක්‍රම රැසක් ඒ යටතේ ක්‍රියාත්මක අතර සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන ඉන් ප්‍රධාන එකකි. මේ යටතේ වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන සහන ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාසායකයන් වෙත රුපියල් මිලියන 7.5 දක්වා වූ ණය මුදලක් 8%ක සහන පොලී අනුපාත යටතේ ණය ලබා දෙනු ලබයි.

සූර්ය බලශක්තිය උත්පාදනය මගින් 2020 වසර වන විට මෙගාවොට් (MW) 200 ක හා 2025 වසර වන විට මෙගාවොට් (MW) 1000 ක විදුලිය ජනනය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් (MW) 50 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන හරහා පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී ඇති සූර්ය පැනල් සපයන ආයතන වෙතින් සූර්ය පැනල මිලදී ගැනීමට අවශ්‍ය ණය ලබා දෙනු ලැබේ.

පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ තාක්ෂණික නිර්දේශ මූල්‍ය ආයතන වෙත ලබා දීම, වහල මත සවිකරන සූර්ය බල පද්ධති බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පාරිභෝගික අයදුම්පත් අනුමත කිරීම, බලශක්ති උත්පාදනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම මඟින් ලංකා විදුලිබල මණ්ඩලය හා සීමාසහිත විදුලි සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහයවනු ඇත. මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ ජනනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම තුලින් පාරිභෝගිකයන්ට මේ හරහා තම නිවසට නොමිලයේ විදුලිය ලබා ගැනීමට අමතර ව අතිරික්ත විදුලිය ජාතික විදුලිය බල පද්ධතියට ලබා දිය හැකි ය.

මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇ.ඩො. මිලියන 59.8 ක් වන අතර එම පිරිවැයෙන් ඇ.ඩො. මිලියන 50 ක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබාදෙනු ඇත. උප ව්‍යාපෘති සඳහා පාරිභෝගිකයන්ගේ කොටස් දායකත්වය ඇ.ඩො. මිලියන 9.8 ක් වේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය මත ඇ.ඩො. මිලියන 200 දක්වා මෙම ණය සීමාව ඉහළ නැංවෙනු ඇත.

Post Views: 4
Previous Post

මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් 

Next Post

Miss Tourism world 2018 තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් රෙවනි ඔෂානා

editor

editor

Next Post

Miss Tourism world 2018 තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් රෙවනි ඔෂානා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved