හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව ලබන 20 වැනිදා සිදු කිරීමට තීරණය කර තිබේ. විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ අභාවයකදී හිමිවන සියලුම පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පතිවරයා වෙත ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා තහවුරු කළේය.
හිටපු පොලිස්පතිවරයාගේ දේහය දැනට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, හෙට (19) දිනයේ සිට ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.
















