ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව ඔක්තෝබර් 22 වැනි දින දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා අද (25) නියෝග කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙසයි.
සිද්ධියට අදාළව භාවිතා කළ ගිනි අවිය සොයා විමර්ශන ආරම්භ කරන ලෙස ද විමර්ශන නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ වන විට ඇප මත මුදාහැර ඇති අතර, නඩුවේ විමර්ශන වාර්තා මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දී තිබේ.
















