නෙදර්ලන්ත රජය ශ්රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා පරිත්යාග කළ ජීප් රථයක් පෞද්ගලික පරිහරණයට යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ශ්රී ලංකාවේ ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.
ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ඔහු මෙම සමාව අයැදීම සිදුකර ඇති අතර, ඒ සඳහා ජාතික පුවත්පතක දැන්වීමක් ද පළ කර ඇත.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයට අයත් WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්රාඩෝ රථය පෞද්ගලික ප්රයෝජනය සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් තමන් අවංකව සමාව අයැද සිටින බව එම දැන්වීමේ සඳහන් වේ.
පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙම ක්රියාවෙන් ෆවුසි මහතා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවයි.
ඒ අනුව රුපියල් මිලියන 6.6කට ආසන්න මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත්, වාහනයේ ඡායාරූපයක් සමඟ සිංහල, දෙමළ සහ ඉංග්රීසි පුවත්පත්වල සමාව ඉල්ලීමේ දැන්වීම් පළ කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබිණි.
















