චීන රජයේ ආධාර මත රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා රුධිර කාන්දුකරණ (Dialysis) යන්ත්‍රයක් බදුල්ල ශික්ෂණ රෝහල වෙත ප්‍රදානය කිරීම අද (11) ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. හොංකොංහි “Glorious Sun” පදනම යටතේ පූජ්‍ය මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහකත්වය සහ ඌව පළාත් සභාවේ සම්බන්ධීකරණය මත මෙම වෛද්‍ය උපකරණය රෝහල වෙත පරිත්‍යාග කර තිබේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්ෂකවරිය සහ වෛද්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම නව යන්ත්‍රය මගින් බදුල්ල රෝහලට පැමිණෙන වකුගඩු රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.















