27 April 2024
#දේශීය

හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට

විසුරුවා හරන ලද පාර්ලිමේන්තුව නියෝජනය කල සියළුම මන්ත්‍රීවරුන්ට අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කර සිටියේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය යන පක්ෂ හැර සෙසු මන්ත්‍රීවරුන් සියල්ල එම සාකච්ඡාව සඳහා සහභාගී වි ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව පෙරවරු 10.00ට එම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබු සහ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමක් මෙහිදී සිදුව ඇත.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *